නිරෝදායනය අවසන් කළ 180ක් පිටව යති



වන්නි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 180 දෙනකු අද (15) නිරෝධායනය අවසන් කර සිය නිවෙස් වෙත යැවූ බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදාපති එයාර මාෂල් සුමන්ගල ඩයස් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ වන්නි හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර්කොමදෝරු ඩී.සී.අයි.වීරසූරිය මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ මෙම නිරෝධායනය මධ්‍යස්ථානයේ දී විවිධ ප්‍රදේශවලින් රැගෙන එන ලද එම පිරිස දින 16ක නිරෝධායන කාලයක් අවසන් කළහ.

ඔවුන් නිවෙස්වලට යැවීමට පෙර පීසීආර් පරීක්ෂණයක් සිදුකර ‍ඔවුන්ට කොරෝනා වැළඳී නැතැයි තහවුරු කරගත් බව ද ගුවන් හමුදාව පවසයි.

 


RECOMMEND POSTS