දුම්රියේ යනවානම් යළි විස්තර ඕනෑ



රාජ්‍ය හා පුද්ගලික අංශයේ රැකියා සඳහා දුම්රිය සේවා භාවිතා කරන මගීන්ට දැනට ලබා දී ඇත් වේලාවන් ලබන 18 වැනි දා (සඳුදා) සිට යළි වෙනස් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් 18 වැනි දා සිට 22 වැනි දා දක්වා සතියේ දුම්රිය සේවා භාවිතා කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් පිළිබඳ තොරතුරු මෙම සතියේ බදාදා එනම් 13 වැනි දා සවස 6.00 ට පෙර ඒ ඒ ආයතනවල ප්‍රධානීන් විසින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවෙත ලබා දිය යුතුයැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 


RECOMMEND POSTS