දුම් බොන්නන්ට අනතුරු ඇඟවීමක්



දුම්පානයට ඇබ්බැහිවූවන්ට කොරෝනා වැළඳුණහොත් තත්ත්වය වඩාත් දරුණු විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

පසුගිය මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කැඳවන ලද මහජන සෞඛ්‍ය විශේෂඥයන් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ දුම්පානය නොකරන අයට සාපේක්ෂව දුම්පානය කරන අය කොරෝනා වයිරසයට ගොදුරු වූ විට වඩාත් අසාධ්‍ය තත්ත්වයට පත්වන බව ඔවුන් හෙළි කර තිබේ.

දුම්පානයෙන් පෙනහළු ක්‍රියාකාරීත්වයට බාධ සිදුවීමත් ඒ හේතුවෙන් රෝගය සමග සටන් කිරීම අසීරු වීමත් මීට හේතුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.


RECOMMEND POSTS