තෙල් නිෂ්පාදනය අඩුකිරීමේ සූදානමක්



සෞදි අරාබිය සිය බොර‍ තෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන හතරකින් අඩුකිරීමට සූදානම් වුව ද එහි අප්‍රේල් මාසයේ ඉලක්කය වූයේ බැරල් මිලියන 12.3ක් වැනි ඉහළ අගයක් බව තෙල් නිෂ්පාදකයෝ කියති.

කොරෝනා වයිරසය හේතුවෙන් පහත වැටෙන තෙල් ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදනය අඩුකළ යුතු ආකාරය තීරණය කිරීම සඳහා ඔපෙක් සංවිධානය සහ අනෙකුත් නිෂ්පාදකයන් බ්‍රහස්පතින්දා රැස්වීමට නියමිතව තිබිණි.

ඔපෙක් සංවිධානයේ රටක් නොවන රුසියාව පවසන්නේ සෞදි නිෂ්පාදන ප්‍රමාණාත්මකව ඉහළ යාමට පෙර ජනවාරි - මාර්තු කාලයේ පැවැති ප්‍රමාණය දක්වා අඩුකළ යුතු බවයි.


RECOMMEND POSTS