තෙල් කාන්දුවක් නිසා ගංඟාවක් විනාශයි ?



රුසියාවේ ආක්ටික් කළාපය හරහා ගලා බසින අම්බර්නායා ගඟට ඉන්ධන විශාල ප්‍රමාණයක් කාන්දුවීම හේතුවෙන් ජනපති ව්ලද්මීර් පුටින් විස්න් නොරිල්ස්ක් ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
කාර්මික කළාපයක් වන මෙම ප්‍රදේශයේ විදුලි බලාගාරයක ඉන්ධන ටැංකියකින් ලිහිසි තෙල් ටොන් 20,000ක් කාන්දු වී ඇතැයි බලධාරීහු පවසති.
ඉන් බොහොමයක් අම්බර්නායා ගඟට ගලාගොස් ඇත.
බලධාරීන් මේ සම්බන්දව දැනුම්වත් වී ඇත්තේ ඉන්ධන කාන්දුව සිදුවී දින දෙකකට පසුව සමාජ මාධ්‍ය වින් බව රූපවාහිනී සාකච්ඡාවකදී අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා පවසා තිබේ.
ඒ් බව දැනගත්විට තමා කම්පාවට පත්වූ බවත් කළාපයේ ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් උස්ට දුරකථනයෙන් දොස් පැවරූ බවත් හෙතෙම පවසා ඇත.
හදිසි අවස්ථා ගැන අප දැනගත යුත්තේ සමාජ ජාලා මගින්දැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කර තිබේ.
නිරීක්ෂණ කණ්ඩායම පවසා ඇත්තේ තේ ටොන් 15,000ක් ගංගාවට කාන්දු වී ඇති අතර තවත් ටොන් 6,000ක් භූමියට කාන්දුවී ඇති බවයි.
ගංගාව යථා ත්ත්ත්වයට පත්කිරීමට දශක ගනනාවක් ගතවනු ඇතැයි ද ඔවුහු පවසා තිබේ.
ඉන්ධන මුසුවීම හේතුවෙන් ගඟේ ජලය රතු පැහැති වී ඇත.
කර්මාන්තශාලාව අයත් කොරිල්ස්ක නිකල් සමාගම ලොව ප්‍රමුඛතම නිකල් සහ පැලේඩියම් නිශ්පාදකයන් වේ.
කාන්දුව ඉවත් කිරීම සඳහා තමාට හැකි සෑම දෙයක්ම කරන බවත් ගංගාව පුරා ඉන්ධන පැතිරීම නැවැත්වීමට බලපෑමට ලක්වූූ කොටස වෙන්කිරීම සඳහා
මොස්කව් නගරයෙන් විශේෂඥයන් ගෙන්වා ඇති බවත් සමාගම පවසා ඇත.

RECOMMEND POSTS