තුර්කියේ මරණ 115ක් වාර්තා වෙයි



ගතවූ පැය 24ක කාලයේ දී තුර්කියේ කොරෝනා රෝගීන් 4,281ක් වාර්තා වූ බවත් තවත් පුද්ගලයන් 115ක් ආසාදනය හේතුවෙන් මියගිය බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය ෆරෙටින් කොකා මහතා පවසන්නේ මේ වනවිට තුර්කියේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,518ක් බවයි. මෙතෙක් තුර්කියෙන් වාර්තා වී ඇති සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 69,392කි.

මේ වනවිට රෝගීන් 5,674 ක් සුවය ලබා සිටයි. පසුගිය පැය 24ක කාලයේ දී සිදුකර ඇති කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව 34,090 කි.


RECOMMEND POSTS