තුර්කියේ මරණ 1,769 දක්වා ඉහළට



තුර්කියේ ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 4,353ක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් 126 දෙනකු මියගොස් ඇත. මේ අනුව සමස්ථ මරණ සංඛ්‍යාව 1,769 දක්වා වැඩි වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකා පවසන්නේ රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 78,546ක් බවයි. මේ වනවිට පුද්ගලයන් 8,631ක් සුවය ලබා ඇත. පසුගිය පැය 24ක කාලයේ දී සිදුකරන ලද පරීක්ෂණ සංඛ්‍යාව 40,270ක් බව ද අමාත්‍යවරයා කීවේය.


RECOMMEND POSTS