තුර්කියේ නව වසා දැමීමක්



තුර්කියේ නව අඟුලු දැමීමක් ක්‍රියාත්ක කරන බව එරට ජනාධිපති තායිප් අර්ඩෝගන් සඳුදා (13) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ කැබිනට් රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුවය. කොවිඩ් - 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා පසුගිය සති අන්තයේ තුර්කියේ පළාත් 31ක් වසා දමා තිබිණි. පැය 48ක් පනවා තිබූ ඇඳිරිනීතිය ද ඉවත් කර ඇති අතර නව වසා දැමීමේ ක්‍රියාවලියට තුර්කියේ වාණිජ කේන්ද්‍රස්ථානය වන ඉස්තාන්බුල් නගරය ද ඇතුළත් වන බව රජය ප්‍රකාශ කරයි. ඉස්තාන්බුල් නගරයේ මිලියන 16ක ජනතාවක් වාසය කරති.


RECOMMEND POSTS