තුර්කියත් සමාජ මාධ්‍ය පාලනයට සැරසේ



තුර්කියේ විශාල ලෙස ව්‍යාප්තව ඇති සමාජ මාධ්‍ය සමාගම්වල අන්තර්ගතය පරීක්ෂා කිරීම හා එහි මතුවන ගැටලු විසඳාගැනීම සඳහා නියෝජිතයන් පත්කරන්න යැයි ඉල්ලා ඇතැයි මාධ්‍ය වාරතා කරයි.

මෙය ක්‍රියාත්මක නොකරන සමාගම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද තුර්කිය පවසයි. තුර්කි පාලකයන් පවසන්නේ අධිකරණ ක්‍රියාමාර්ගවලට අවනත නොවන සමගාම්වලට නියෝගයෙන් දින 30කට පසු ඔවුන්ගේ සේවා සැපයුම් අඩකින් අඩුවිය හැකි අතර තවත් දින 30කට පසු 95% ප්‍රමාණයකින් කප්පාදු කර දමන බවයි.

තුර්කියේ දිනකට මිලියනයකට අධික පිරිසකට ප්‍රවේශ විය හැකි සමාජ මාධ්‍ය ජාල සඳහා මෙම නීතිය අදාළ වනබව එරට රජය පවසයි.

විශේෂයෙන් ම හමුදා කටයුතු සහ වර්තාමන කොරෝනා වසංගත වැනි කාලවල දී සමාජ මාධ්‍ය දැඩි ලෙස අන්තරාකාරී ලෙස හැසිරෙන බැවින් එය ප්‍රතිපත්තිගරුක ලෙස පවත්වාගෙන යා යුතු බව ද රජය අවධාරණය කරයි.

තුර්කියේ සමාජ මාධ්‍ය ගිනුම් 3,500කට වැඩි ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු  අප්‍රේල් 06 වැනි දිනෙන් අවසන් වූ සති තුනක කාලයක දී සෙයාගෙන ඇති අතර එමගින් සැකකටයුතු පුද්ගලයන් 616 දෙනකු හඳුනාගෙන ඇත. ඉන් 229 දෙනකු ප්‍රකෝපකාරී අදහස් ප්‍රචාරය කිරීම හේතුවෙන් රඳවාගෙන සිටින බව ද අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.


RECOMMEND POSTS