ජර්මනියේ වසංගතය යළි පැතිරෙයි ?



ජර්මනිය පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් පසු කොරෝනා වයිරසය පැතිරීම යළි වේගවත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් වසංගතය පාලනයෙන් මිදෙනු ඇතැයි ද ඇතැම් පිරිස් සිය කනස්සල්ල පළකර ඇත.

රෝග පාලනය සඳහා වූ රොබට් කොච් ආයතනය පවසන්නේ එක් එක් රෝගී පුද්ගලයාගෙන් දැන් ආසාදනය වී ඇති ප්‍රමාණය එකට එකක් ඉහළ ගොස් ඇති බවයි. මෙය එකකට වඩා ඉහළ ගිය විට ඉන් අදහස් වන්න් ආසාදනය යළි උත්සන්න වෙමින් පවතින බවයි.

සමාජ ජීවිතය යළි ආරම්භ කර ආර්ථිකය වර්ධනය කරන ලෙස ජර්මනියේ ෆෙඩරල් ප්‍රාන්ත 16ක නායකයන්ගේ බලපෑම් හේතුවෙන් ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් බදාදා නිවේදනය කළේ වෙළඳ සැල් විවෘත කිරීම් හා පාසල් විවෘත කිරීම් සිදුකරන බවයි. එසේ වුවත් ආසදනය යළි යන්නේ නම් නැවත සීමා පැනවීම ගැන සළකා බලන බව ද ඇය කීවාය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නීති සම්පාදකයකු මෙන්ම වසංගත රෝග විද්‍යා මහාචාර්යවරයකු වන කාල් ලෝටර්බැක් කියා සිටියේ කොරෝනා වයිරසය විශාල ජනකායක් වෙත යළි ව්‍යාප්ත විය හැකි බවයි.

රොබට් කොච් ආයතනය පවසන්නේ නව ආසාදිතයන් 667ක් එක් දිනක් තුළ වාර්තා වී සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 169,218 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන් ම මරණ සංඛ්‍යාව ද 7,395 දක්වා ඉහළ ගියේ තවත් ආසාදිතයන් 26ක් මිය යාම හේතුවෙනි.


RECOMMEND POSTS