ගුරුවරුන්ට පිටවෙන් කුවේටය අවසර දෙයි



කුවේට් හි සේවය කරන විදේශීය ගුරුවරුන්ට එරටින් පිටවිමට අවසර ලබාදෙන ලෙස අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ‍සෞඩ් අල් - හර්බි අධ්‍යාපන බලධාරින්ට නියෝග කර තිබේ.

දැනට කුවේට්යේ පවතින කොරෝනා (කොවිඩ් -19 ) වසංගත තත්ත්වය පිළිබඳව අවධානයට යොමුකර ගුරුවරුන්ගේ මානසික හා සමාජ තත්වයන් සැළකිල්ලට ගනිමින් අදාල නියෝගය නිකුත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කර ඇති බව කුවේට් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ද්විතීයික පරිපාලන හා අධ්‍යාපන කාර්ය මණ්ඩලය නැවත රාජකාරී කටයුතු ආරම්භ කරන්නේ අගෝස්තු 04 වන දින බව අමාත්‍යංශය පසුගිය සතියේ නිවේදනය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)  


RECOMMEND POSTS