කොරෝනා මරණ ලක්ෂ 3 ඉක්මවයි



කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව අද(15) වනවිට 300,000 සීමාව පසු කළේය.

ලොව පුරා වයිරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 45 ඉක්මවීය.
 
ලෝකයේ සිදුවූ මරණ වලින් භාගයකට හිමිකම් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඉතාලියයි.
 
කොරෝනා රෝගයට සම්බන්ද පළමු මරණය ජනවාරි 10 වනදා සිදුවූ අතර ලොව පුරා මරණ 100,000 වාර්තා වීමට දින 91ක් ගතවිය.
 
මරණ 200,000 සීමාව පසු කිරීමට ගතවූයේ දින 16කි.
 
200,000 සිට 300,000 දක්වා වාර්තා වීමට දින 19ක් ගතවී තිබේ.
 
ඇමරිකාවේ මේ වනවිට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 85,000කි.
 
එක්සත් රාජධානිය සහ ඉතාලිය මරණ 30,000 සීමාව පසුකර ඇත.
 
කෙසේ වුවද වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ කොවිඩ් - 19 රෝගය පැතිරෙන ප්‍රමාණය 1918 වර්ෂයේ ලොව පුරා ව්‍යාප්ත වුණු ස්පාඤ්ඤ උණ රෝගයට වඩා බෙහෙවින් අඩු බවයි.
 
ස්පාඤ්ඤ උණ රෝගය ලොව පුරා කෝටි 50ක පමණ පිරිසකට ආසාදනය වූ බවට වාර්තා වී ඇති අතර එයින් අවම වශයෙන් 10% ක පිරිසක් මරණයට පත්වූහ.
 
එසේම මැලේරියා රෝගයෙන් පමණක් ලොව පුරා වාර්ෂිකව 400,000ක් පමණ පිරිසක් මිය යන බවද ඔවුහු පෙන්වා දෙති.


RECOMMEND POSTS