කෙන්යාව දේශසීමා වසා දමයි



කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා සෙනසුරාදා (15) සිට ටැන්සානියාව සහ සෝමාලියාව අතර දේශසීමා හරහා සියලු ගමන් තහනම් කළේය.

භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ යාමට අවසර දුන් නමුත් සියලු රියදුරන් කොරෝනා වයිරසයට අදාල පරීක්ෂණවලට ලක්කළ යුතු බවට ද නියෝග කර තිබේ.

ජනාධිපතිවරයා කියා සිටියේ මෙම රෝගයට එරෙහිව ලිහිල් කිරීම හේතුවෙන් ගෝලීය පීඩනය වැඩිවෙමින් පවතින බවයි. රෝගය පැතිරීම වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමෙන් අපගේ ආරක්ෂාව තහවුරු කරගත යුතුයැයි ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම ඉන්දියානු සාගර වෙ‍රළ තීරයේ නියිරෝබි, මොම්බාසා, කිලීෆි, ක්වාලේ සහ ඊසානදිග මැන්ඩෙරා යන නගරවල සහ ඉන් පිටත ගමන් කිරීමට ද සීමා පනවා ඇත.

කෙන්යාවෙන් කොරෝනා ආසාදිතයන් 830ක් වාර්තා වී ඇති අතර මරණ 50ක් සිදුව ඇත.

කෙන්යාව පවසන්නේ ටැන්සානියාව හා සෝමාලියාව ඇතුළු අසල්වැසි රටවලින් ට්‍රක් රථවලින් පැමිණි රියදුරන්ගේ කෝරෝනා පරීක්ෂා කිරීමෙන් පසු 78 දෙනකුට කෙන්යාවට ඇතුළුවීමට අවසර නොදුන් බවයි.


RECOMMEND POSTS