කටාර් ආසාදිතයන් 30,000 ඉක්මවයි.



කටාර් රාජ්‍යයෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 1,547ක් ඊයේ (15) දිනයේ සොයාගත් බව එරට රජය පවසයි. ඒ අනුව දැනට හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 30,000 ඉක්මවා ඇත.

ලක්ෂ 27ක ජනගහනයක් සිටින තෙල් සම්පතින් පොහොසත් කටාර් රාජ්‍යය ලෝකයේ ඉහළම ඒක පුද්ල ආදායම ඇති රටයි. එරට සෞඛ්‍ය ආමාත්‍යාංශය මගින් නිකුත් කළ වාර්තාවලට අනුව කොරෝනා ආසාදිත බවට තහවුරුකරගත් සිද්ධීන් සංඛ්‍යාව 30,972 දක්වා ඉහළ ගොස් ඇත. සෙනසුරාදා දිනයේ දී තවත් පුද්ගලයකු මියගොස් ඇති අතර ඒ අනුව මියගිය සංඛ්‍යාව 15 දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ.

කටාර්හි ජනගහනයෙන් කටාර් ජාතිකයන් සිටින්නේ 300,000ක් පමණ පිරිසකි. කොරෝනා වයිරසය පැතිරීම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ සංක්‍රමණික සේවකයන් අතර බව මානව හිමිකම් සංවිධාන පවසයි.


RECOMMEND POSTS