ඕස්ට්‍රේලියාාවෙන් 272ක පිරිසක් පැමිණෙති



කොරෝනා හේතුවෙන් ගුවන් ගමන් නවතා දැමීමත් සමග මෙරටට පැමිණිය නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයෝ 272ක පිරිසක් අද (10) උදෑසන කටුනායක ගුවන්තොටුපොළට පැමිණියහ.

ඔවුන් රැගෙන ඒම සඳහා ඊයේ (09) මෙල්බර්න් නුවර වෙත ගිය යූල් -605 දරණ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් විශේෂ යානය අද උදෑසන 6.12 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වූ බව ගුවන්තොටුපොළ ප්‍රකාශකයකු කීවේය.

යානයේ පැමිණි සියලු දෙනා විෂබීජහරණයට ලක්කළ අතර සෞඛ්‍ය වෛද්‍ය ඒකකය විසින් ඔවුන් පරීක්ෂාවට ලක්කෙරිණි. ඉන් පසු ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිරෝධායනය කටයුතු සඳහා රැගෙන යාමට නියමිතව තිබිණි.


RECOMMEND POSTS