ඊශ්‍රායලයේ විවෘත කිරීම සළකා බලයි



ඊශ්‍රායලය ඉරිදා වනවිට ඇතැම් ව්‍යාපාර නැවත විවෘත කිරීමට ඉඩ දී තිබෙන අතර අත්හදාබැලීමේ කොටසක් ලෙස ළමයින්ට නැවත පාසල් යාමට ඉඩ දීම පිළිබඳ සලකාබලන බව ද පවසයි.

සති ගණනක් වසා දැමීමෙන් පසු විශාල ලෙස පුද්ගලයන් රැස්වීම වළක්වාගැනීම සඳහා  වෙළෙඳසැල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා ස්ථාන නැවත විවෘත කරන ලදී.

ලක්ෂ 90ක පමණ ජනගහනයක් වාසය කරන ඊශ්‍රායලයේ කොරෝනා වයිරස රෝගීන් 15,443ක් සහ මරණ 201ක් වාර්තා වී තිබේ.

පාසල් නැවත විවෘතකිරීම සම්බන්ධයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳුදා සිට සාකච්ඡා ආරම්භ කරන බව ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ වුවහොත් අහිමිවූ කාලය සම්පූර්ණකිරීම සඳහා ගිම්හාන නිවාඩුව ගතකළ යුතුයැයි අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

කොරෝනා යළි පැතිරෙන බවක් පෙනුනහොත් සීමා ලිහිල් කිරීම් නවතා දැමීමට හැකියැයි නිලධාරීන්න පවසයි මුහුණු ආවරණ, සමාජ දුරස්ථභාවය සහ සනීපාරක්ෂාව යන කරුණු තුන ගැන උනන්දුවක් දක්වන්නේ නම් රෝගය පැතිරීම වැළැක්වීම අපහසුවක් නොවන බවත් දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම අපහසු නොවන බවත් තමන් තරයේ විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මෝෂේ බාර් සිමාන් ටොව් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


RECOMMEND POSTS