ඊශ්‍රායලයේ චීන තානාපති නිවසේ දී ම මියගිහින්



ඊශ්‍රායලයේ චීන තානාපති ඩූ වී මහතාගේ සිරුර තෙල් අවිව් නගරයට උතුරින් පිහිටි ඔහුගේ නිවසේ තිබී හමුවූ බව ඊශ්‍රයල බලධාරීහු පවසති.

ඊශ්‍රායල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අපරාධයක් සිදුවී නොමැති බව පෙනෙන්නට තිබේ යැයි සඳහන් කර ඇත. 

තානාපතිවරයා නිදා සිටියදී ස්වාභාවික හේතුවක් මත මියගොස් ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර යුක්රේන තානාපති ලෙස සේවය කළ 57 හැවිරිදි ඩූ වී මහතා පසුගිය පෙබරවාරි මාසයේදී චීන තානාපති ලෙස පත්විය.

ඩූ වී මහතා, පෙබරවාරි 15 වනදින ඊශ්‍රායලයට පැමිණීමෙන් පසු සති දෙකක් ස්වයං නිරෝධායනයේ පසුවිය.

පසුගිය මාසයේ පුවත්පත් සාකච්ඡාවකදී ඩූ වී මහතා පවසා ඇත්තේ කොරෝනා වසංගතය ව්‍යාප්තිය සම්බන්දයෙන් චීනයට චෝදනා එල්ල නොකල යුතු බවයි. චීනයට චෝදනා කිරීම නින්දිත ක්‍රියාවක් බවත් එය හෙළා දැකිය යුතු බවත් සමස්ත මිනිස් සංහතියේම සතුරකු වන කොරෝනා රෝගයට එරෙහිව ලෝකය සටන් කළ යුතු බවත් ඔහු එහිදී පවසා තිබේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පසුගියදා සිදුකළ ඊශ්‍රායල සංචාරයේදී චීනය විසින් වසංගතය හසුරුවන ආකාරය සම්බන්දව විවේචනය කළ අතර එයට ප්‍රබල දෝශාරෝපනයක් ඩූ වීගේ තානාපති කාර්යාලය මගින් සිකුරාදා(16) නිකුත් කර තිබිණි


RECOMMEND POSTS