ඊශ්‍රායලයේ උත්සාහය හමාස් ප්‍රතික්ෂේප කරයි



වසර ගණනාවක් ගාසා තීරයේ රඳවාගෙන සිටි ඊශ්‍රායල සිවිල් වැසියන් දෙදෙනකු සහ සොල්දාදුවන් දෙදෙනකුගේ ලබාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට ඊශ්‍රායලය අඟහරුවාදා උත්සාහ ගත්ත ද හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කර තිබේ.

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ඉදිරිපත් කළ නිවේදනයක මෙම උත්සාහය දක්වා තිබිණි.

2014 වර්ෂයේ ගාසා තීරයේ ඇතිවූ ගැටුම්ව ලදී හමාස් සංවිධානයේ අත්අඩංගුවට පත්වූ සිවිල් වැසියන් දෙදෙනා බේරාගැනීමේ උත්සාහයේ ප්‍රගතිය පිළිබඳ ඊශ්‍රයලය පසුගිය සතියේ දී සාකච්ඡා කර තිබිණි.

කෙසේ වෙතත් හමාස් සංවිධානය සොල්දාදුවන් දෙදෙනා මියගොස් ඇත්ද නැතිනම් ජීවතුන් අතර සිටින්නේ ද යන්න පිළිබඳ කිසි විටෙක ප්‍රකාශ කර නැත. නමුත් රහසිගත තොරතුරු වාර්තාවලින් කියවෙන්නේ ඔවුන් දෙදෙනා තවමත් ජීවතුන් අතර සිටින බවයි.

සිවිල් වැසියන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් පවසන්නේ මෙම දෙදෙනා මානසික පීඩනයට ලක්ව විශාල ගැටලුවකට මුහුණ දී සිටින බවයි.

කෙසේ වෙතත් හමාස් සංවිධානය පවසා ඇත්තේ මානුෂීය ආධාර වෙනුවට හිරකරුවන් ලබා නෙ‍ාදෙන බවයි. නමුත් ඊශ්‍රායල ජාතිකයන් යළි ලබාදීමට හිරකරුවන් හුවමාරු කාර්යයක් සඳහා සාකච්ඡා කිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී ඇත.


RECOMMEND POSTS