ඊශ්‍රායලයෙන් කොවිඩ් එන්නතක් මීයන්ට



කොවිඩ් - 19 සඳහා එන්නතක් අත්හදා බලන ඊශ්‍රායලය එරට රාසායනාගාරයක දී එම එන්නත් මීයන් සඳහා ලබාදිම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

කොරෝනා සටනට එරෙහි සටනට එක්වන ලෙස එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නෙස් සියෝනාහි පිහිටි ඊශ්‍රායල් ජෛව විද්‍යාත්මක පර්යේෂණ ආයතනයට ආරාධනා කරන ලද්දේ පසුගිය පෙබරවාරි 01 දිනයේ දී ය.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එන්නතේ මූලික කටයුතුවල විශාල ප්‍රගතියක් ඇති බවයි. ජෛව විද්‍යාත්මක පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ෂ්මුවෙල් ෂපිරා මේ බව තහවරු කර ඇති බවත් දැනටමත් මීයන් යොදා ගනිමින් අත්හදා බැලීම් ආරම්භ කර තිබෙන බවත් එම නිවේදනයේ දැක්වේ.

 

එම පර්යේෂන ආයතනයේ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී එරාන් සහවි පවසන්නේ තම ආයතනයේ සම්පූර්ණ අවධානය කොවිඩ් - 19 වයිරසය මර්ධනය කිරීම කෙරෙහි යොමු කර තිබෙන බවයි. 


RECOMMEND POSTS