ඊශ්‍රායලය දුරකථනයේ පිහිට පතයි



කොරෝනා වයිරසයට ගොදුරුවන්නන් සහ ගැටලු සහිත පුද්ගලයන් හඳුනාගැනීම සඳහා සකස් කරන ලද ජංගම දුරකථන යෙදුමක් ඊශ්‍රායල ජාතිකයන් ලක්ෂ 15ක පිරිසක් සතියක කාලයක දී බාගත කරගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජර්මනිය, ඉතාලිය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ චිලී යන රටවල ජීවත්වන ඊශ්‍රායල ජාතිකයන්ට ද මේ යෙදුම සඳහා ප්‍රවේශවීමට හැකියාව පවතී. “HaMagen” - Hebrew for The Shield යනුවෙන් හඳුන්වන මේ යෙදුම දැන් බෙහෙවින් ජනප්‍රිය වී ඇතැයි ඊශ්‍රායලයේ සෞඛ්‍ය ආමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොරිස් ඩෝර්ෆ්මන් පවසයි.

අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ මෙම යෙදුම නිර්මාණය කරන ලද අතර එය ඕනෑම කෙනෙකුට වියදමකින් තොරව බාගත කරගැනීමට හැකියාව පවතී. ''අපෙන් බොහෝ දෙනකු අසන ප්‍රශ්නය තාක්ෂණය ගැන නොවෙයි. මේ යෙදුම ස්වේච්ඡාවෙන් බාගත කළත් එය මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගැනීමට සිදුවන්නේ කෙසේද කියා අසනවා. "

දුරකථන පරිශීලකයන්ගේ පුද්ගලික දත්ත දුරකථන තුළ පවතින අතර එය වෙනත් අයට සොරකම් කිරීමට හැකියාවක් නැත. එබැවින් මේ යෙදුමේ ක්‍රියාකාරිකයන්ට එය බාගත කළ අයගේ අනුදැනුමකින් තොරව ඔවුන් සොයා ගැනීමට හැකියාවක් නැත. තමන් යම් ආකාරයකින් ‍කොරෝනා වෛරසයට නිරාවරණය වී තිබේනම් එය සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා කරනවා ද නොකරනවා ද යන්න තීරණය කිරීම මේ යෙදුම බාගත කර එය භාවිතා කරන්නාගේ කැමැත්ත අනුව සිදුවෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ පළමු සතිය ඇතුළත මෙම යෙදුම භාවිතා කරන්නන් 50,000ක් තමන් ස්වයං නිරෝධායනයේ සිටින බව වාර්තා කළ බවයි. හෙබ්‍රෙව් භාෂාවට අමතරව මෙම යෙදුම ඉංග්‍රීසි, පංශ, අරාබි සහ රුසියානු භාෂාවන්ගෙන් ද ලබාගත හැකිවේ.

වයිරසය ශරීරගත වූවන්ගේ ජංගම දුරකථනය අධීක්ෂණය කරන ලෙස අගමැති බෙන්ජමින් නෙතන්යාහු ෂින් බෙට් අභ්‍යන්තර ආරක්ෂක ඒජන්සියට නියෝග කර තිබේ.

යම් අයකුට වෛරසය ඇති බව තහවුරු වූ පසු, එම පුද්ගලයා සමඟ සම්බන්ධතා ඇති අය සොයා ගැනීමට නිලධාරීන් ඉක්මනින් යා යුතු බැවින් රජයේ නිරීක්ෂණ තවදුරටත් අව්‍ය බව ඩෝර්ෆ්මන් පවසයි.

ජනගහනයෙන් 17% ක් දැනට මේ යෙදුම භාවිතා කර ඇති නමුත් එය ප්‍රමාණවත් නොවන බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

''සියලුම ඊශ්‍රායල ජාතිකයන් සතුව මේ යෙදුම ඇති බවට අප සහතික විය යුතුයි." ඔවුන් පවසයි.

පාස්කු නිවාඩුව අප්‍රේල් මාසයේ මැද භාගයෙන් අවසන් වූ විට යළි සේවා කටයුතු ආරම්භ කිරීමට රජය දැනට සැළසුම් කර ඇති බැවින් මේ දුරකථන යෙදුම සෑම අයකුම පරිශීලනය කිරීම වැදගත් බව ඩෝර්ෆ්මන් වැඩිදුරටත් කියා සිටියේය.


RECOMMEND POSTS