ඊජිප්තුව මුදල් ගැනීමේ දී සීමා පනවයි



කොවිඩ් - 19 වසංගතය පැතිරීම හේතුවෙන් බැංකුවලින් මුදල් ආපසු ගැනීම සීමා කිරීමට ඊජිප්තු මහ බැංකුව කටයුතු කර තිබේ.

ඒ අනුව එක් පුද්ගයකුට දිනක දී ආපසු ගත හැකි උපරිම මුදල ඊජිප්තු පවුම් 10,000ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් 635කි. (ශ්‍රී ලංකා රුපියල් 125,000.00ක් පමණ) සමාගම් සඳහා මෙම සිමාව ඊජිප්තු පවුම් 50,000කි.  එසේ වුව ද සේවක වැටුප් ගෙවීම හෝ දිමනා ගෙවීම සඳහා මුදල් ලබා ගන්නේ නම් ව්‍යාපාර සඳහා මුදල් ආපසු ගෙවීමේ සීමාවක් නොමැති බව ද එරට මහබැංකු ප්‍රකාශකයකු පවසයි.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ආපසු ගන්නේ නම් එය ඊජිප්තු පවුම් 5,000කට සීමා කර ඇති අතර ටෙලර් යන්ත්‍ර භාවිතා කරමින් තැන්පත් කළ හැකි උපරිම මුදල ද පවුම් 5,000ක් ලෙස සීමා කර තිබේ.

පසුගිය සති තුන තුළ ඊජිප්තු පවුම් බිලියන 30ක් හෙවත් ඇමෙරිකන් ඩොලර් බිලියන 11.91ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 367ක් පමණ.) බැංකුවලින් ඉවත්කර ඇතැයි ඊජිප්තුවේ මහ බැංකු අධිපති තාරෙක් අමර් පවසා තිබේ.

ඔහු මෙසේ ද පවසා තිබේ.

''පුද්ගලයන් තමන්ට අවශ්‍ය නොවුනත් බැංකුවලින් මුදල් ලබා ගන්නා බව අපට පෙනී ගියා. පසුගිය සති තුනේ දි ඔවුන් ඊශ්‍රායල් පවුම් බිලියන 30ක් ඉවත් කරගෙන තිබෙනවා. අපට යම් විනයක් තිබිය යුතුයි. අපි ජීවත්වෙන්නේ පොදු සමාජයේ. අන් අය ගැනත් අපි සිතා බැලිය යුතුයි. මුදල් නෝට්ටු භාවිතය සීමා කරන ලෙසත් විද්‍යුත් මුදල් හුවමාරු සහ විද්‍යුත් මුදල් ගෙවීම් මත විශ්වාස තබන ලෙසත් අපි ඉල්ලා සිටිනවා.


RECOMMEND POSTS