ඉරානයේ මරණ 1,135



ඉරානයේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 1,135 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය පැය 24 තුළ මරණ 147 ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

“අවාසනාවකට පසුගිය පැය 24 තුළ නව ආසාදිතයින් 1,192 ක් වාර්තා වී ඇත. කරුණාකර මාර්ගෝපදේශ අනුගමනය කර නිවසේ රැඳී සිටින්න,” ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය අලිරේසා රයිසි පැවසීය.

ඉරානයේ මේ වනවිට වයිරසය ආසාදිත පුද්ගලයෝ 17,361ක් සිටිති.


RECOMMEND POSTS