ඉරානයේ පළගැටි උවදුර මර්ධනයට හමුදා සහාය



ඉරානයේ දකුණු දිග ප්‍රදේශය ආක්‍රමණය කර ඇති පළඟැටියන් හා මර්ධනය කිරීම සඳහා යුද හමුදාව යොදා ගැනීමට හැකිබව කෘෂිකර්ම අමාත්‍යාංශය සිකුරාදා (15) නිවේදනය කළේය.

දශක ගණනාවක සිට ඉරානය මුහුණ දෙන ප්‍රධාන ගැටලු අතර පළඟැටි  උවදුර ද පවතී. කොරෝනා වයිරසය පැතිරීයාමෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති ඉරානයේ තෙල් අපනයනයත් දැඩි විශාල වශයෙන් ඇද වැටී ඇති බැවින් මෙය තවත් උග්‍ර වනු ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැලෑටි ආරක්ෂණ ඒකකයේ ප්‍රකාශකයකු වන මොහොමඩ් රේසා මිර් පැවසුවේ ඉරානයේ පළාත් 31න් හතක කාන්තාර පළඟැටියන් හෙක්ටයාර් 200,000ක ගොවිබිම් දැනටමත් විනාශ කර දමා ඇති බවයි. ඔවුන් ඉතා ඉක්මනින් හෙක්ටයාර මිලියනක් දක්වා විනාශ කර දමනු ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.

මෙම උවදුර මර්ධනය කිරීමට සහාය වීමට හමුදා අංශ කැමැත්ත ලබා දී ඇති බවත් මින් ඉහත වර්ෂවල දී ද පළගැටියන් මර්ධනය කිරීම සඳහා හමුදාව වාහන හා පිරිස් බලය සැපයීම විශාල උදව්වක් වූ බවත් රේසා මීර් පවසයි.


RECOMMEND POSTS