ඉරානය මරණ 4,000 ආසන්නයේ



ඉරානයේ කොරෝනා වයිරසයට ගොදුරු වූ රෝගීන් සංඛ්‍යාව 62,000 ඉක්මවා ඇති බවත් මරණ සංඛ්‍යාව 3,872ක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශක කියුනුෂ් ජහාන්පූර් අද (07) කීවේය.

එක් රාත්‍රියක පමණක් රෝගීන් 133 දෙනකු මියගොස් ඇති බැවින් මෙම සංඛ්‍යාව ඉතා ඉක්මණින් 4,000 සීමාව පසුකරන බව ද හෙතෙම පැවසීය.

දැනට ආසාදිත පුද්ගලයන් අතරින් 4,000කට අධික පිරිසක් ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් හෙතෙම පෙන්වාදෙයි.

ඉරානයේ ජාතික කොරෝනා වයිරස් කාර්ය සාධන බළකායේ සාමාජිකයකු වන හමීඩ් සූරි පවසන්නේ මිලියන 83ක් වන රටේ ජනගහනයෙන් 500,000 පමණ ප්‍රමාණයක් ආසාදනයට ගොදුරුවනු ඇති බවයි.  


RECOMMEND POSTS