ඉරාන මිසයිලය වැරදී ඉරාන නැවියන් මරුට



ඉරානයේ නාවුක හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර එල්ල කරන ලද මිසයිලයක් ඔවුන්ගේම නෞකාවකට වැදීමෙන් නැවියන් 19 දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඕමාන් ගල්ෆ් කළාපයේ හෝම්ස් සමුද්‍ර සංධිය අසලදී මෙම අනතුර සිදුව තිබේ.
 
මෙය ප්‍රමාදදෝශයක් හේතුවෙන් සිදුවූවක් බවත් ජැමරන් නම් නෞකාවේ සිට එල්ල කරන ලද මිසයිලයක් කොනරක් නම් සැහැල්ලු ආධාරක නෞකාවකට වැදී ඇති බවත් ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි.
 
ඉරානයේ නාවුක හමුදාව දිනපතා මෙවැනි අභ්‍යාස පවත්වයි.  


RECOMMEND POSTS