ඇමෙරිකාවේ කොරෝනා මරණ 10,000 පනී



කොරෝනා ‍වයිරසය හේතුවෙන් ඇමෙරිකාවේ පුද්ගලයන් 10,908ක් මියගොස් ඇති අතර මේ වනවිට ආසාදිතයන් 367,507ක් වාර්තා වී ඇත.

ඉතාලියට හා ස්පාඤ්ඤය හැරුණු විට රෝගීන් 10,000කට වැඩි පිරිසක් මියගිය රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකාවයි. ඊයේ (06) දිනයේ දී පමණක් ඇමෙරිකාවෙන් නව ආසාදිතයන් 29,887ක් වාර්තා වී තිබේ.

ඇමෙරිකාවේ වයොමිං ප්‍රාන්තයේ හැර අනෙකුත සියලුම ප්‍රාන්තවලින් මේ වනවිට කොරෝනා මරණ වාර්තා වෙයි.

 


RECOMMEND POSTS