ඇමෙරිකාවට ඓතිහාසික අවස්ථාවක්



කොරෝනා වසංගතය හේතුවෙන් තම රටට පනවා ඇති සම්බාධක ඉවත්කිරීමට ඇමෙරිකාවට ඇති ඓතිහාසික අවස්ථාව මඟ හරිමින් සිටින බව ඉරාන ජනාධිපති හසන් රුහානි පවසයි. සියලු රාජ්‍යයන් ගෝලිය වසංගතය පැතිරීමට කටයුතු කිරීම අවශ්‍යයැයි ද හෙතෙම කියා සිටියේය.

අඟහරුවාදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ඉරානය සහ අනිකුත් රාජ්‍යයන්ට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම ගැන වොෂින්ටනයට සළකා බැලිය හැකි බව පැවසුව ද එය සිදුකරන ආකාරය පිළිබඳ මෙතෙක් කිසිදු පැහැදිලිකිරීමක් කර නැත.

''සම්බාධක ඉවත්කිරීමේ හොඳම අවස්ථාව ඇමෙරිකාව අහිමිකරගත්තා. ඇමෙරිකාවට ඉරානයට එරෙහි අසාධාරණ සම්බාධක ඉවත්කිරිමට මෙය හොඳ අවස්ථාවක් වුණා." ජනාධිපතිවරයා පැවසීය.

මේ වනවිට ඉරානයේ පුද්ගලයන් 3,000කට වැඩි පිරිසක් කොරෝනා වසංගතයෙන් මියගොස් ඇති අතර 48,000ක් ඉක්මවා ආසාදනයට ගොදුරු වී තිබේ. මැද පෙරදිග රටවල් අතරින් දැඩි බලපෑමකට ලක්ව ඇති ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් කරන ලෙස ඇමෙරිකාවෙන් ඉල්ලා සිටිමට චීනය හා බ්‍රිතාන්‍ය මේ අනුව පෙළඹී සිටියි.


RECOMMEND POSTS