ඇමෙරිකාව සමග සිරකරුවන් හුවමාරුවකට ඉරානය සූදානම්



ඇමෙරිකාව සමඟ පූර්ණ සිරකරුවන් හුවමාරුවකට සූදානම් බව ඉරාන රජයේ ප්‍රකාශක අලි රබී අද (10) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. ඔහු පවසන්නේ හිරකරුවන් හුවමාරුකරගැනීම සඳහා ඉරානයේ ඉල්ලීමට වොෂිංටනය තවමත් ප්‍රතිචාර දක්වා නැති බවයි.

''ඉරානය හා ඇමෙරිකාව අතර සිරකරුවන් හුවමාරු කරගැනීමට අපි සූදානම් නමුත් ඇමෙරිකාව මේ සඳහා තවමත් ප්‍රතිචාර දක්වා නැහැ. සිරගතවී සිටින ඉරාන වැසියන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය ගැන අපි කනස්සල්ලට පත්ව සිටිමු. කෙරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ඉරාන සිරකරුවන්ගේ ආරක්ෂාව සඳහා ඇමෙරිකාව වගකිව යුතුයි." රබී පවසයි.

එමෙන්ම ඔහු පවසන්නේ සිරකරුවන් හුවමාරුව සඳහා ඉරානය හා ඇමෙරිකාව අතර මැදිහත් වීමට තුන්වැනි රටක අවශ්‍යතාවක් නොමැති බවයි.


RECOMMEND POSTS