ඇඳිරිය කැඩුවොත් නිරෝධායනයට



ඇදිරි නිතිය පවතින වේලාවේ දී දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කරන  ඕනෑම පුද්ගලයකු දින 14ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරනු ලබන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මෙම තීරණය හෙට (10) දින ක්‍රියාත්මක කරනු ලබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්විම සදහා පොලීසිය විසින් ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට රට තුළ ඇදිරිනීතිය පනවනු ලැබූ අතර, සෞඛ්‍ය අංශයන්හි උපදෙස් මත දිස්ත්‍රික්ක අතර සංචාරය කිරීම තහනම් කර තිබේ.


RECOMMEND POSTS