ආසාදිතයන් 863 දක්වා ඉහළට



ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 863 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යාවත්කාලීන කරන ලද තොරතුරුවල තවත් රෝගීන් 07 දෙනෙකු හමුවී ඇති බව සඳහන් කර ඇත.

ඒ අනුව ‍වයිරසය ආසාදනය වීමෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 533ක් වන අතර සුවය ලැබූ පිරිස 321 දෙනෙකි. කොරෝනා ආසාදනය වී සිටි 09 දෙනෙක් මරුමුවට පත්වූහ. 


RECOMMEND POSTS