ආපදා සඳහා නාවික හමුදාව සූදානමින්



ගංවතුර අවධානයක් ඇති ප්‍රදේශවල හදිසි සහන සේවා සැළසීම සඳහා නාවික හමුදා කණ්ඩායම් සූදානමින් තබා ඇතැයි රජය පවසයි.

දිගින් දිගටම වැසි පවතින බැවින් ස්වභාවික විපත් සඳහා පෙර සූදානමක් ලෙස මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නෙළුව ප්‍රදේශයවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකටත් නාවික හමුදාවේ සහන සැළසීමේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදවා ගැනීමේ කන්ඩායම් ස්ථාපිත කර තිබේ.


RECOMMEND POSTS