G20 නායකයෝ සෞදියේ දී රැස්වෙති



කොවිඩ් - 19 වසංගතයට එරෙහිව ගතයුතු ක්‍රියාමර්ග සාකච්ඡා කිරීම සඳහා G20 විහේෂ සමුලුවක් සෞදි අරාබියේ දී පැවැත්වීමට තීරණය කර ඇත. එම සමුළුව හෙට (26) වැනි දා පැවැත්වෙයි.

දැනට G20 සමුළුවේ සභාපතිත්වය දරණ සෞදි අරාබියේ රජු සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞඩ් මහතා මෙම සමුළුවේ මුලසුන හොබවන අතර කොවිඩ් වසංගතයෙන් මානව හා ආර්ථික බලපෑම් පිළිබඳවත් ගොලීය වශයෙන් වෛරස පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳවත් මෙහි දී සාකච්ඡා කිරීමට නියමිතය.

G 20 සාමාජික රටවල නායකයින්ට අමතරව ස්පාඤ්ඤය  ජෝර්දානය, සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය ඇතුළු ආරාධිත රටවල නායකයන් කිහිප දෙනෙක් හා එක්සත් ජාතීන්ගේ සංවිධානාය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකයින් ද මේ සඳහා එක්වීමට නියමිතය.

 


RECOMMEND POSTS