හයවැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි



කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් - 19 ආසාදිත තවත් රෝගියකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි වියේ පසුවූ පිරිමි පුද්ගලයෙකි. එය කොරෝනා හේතුවෙන් මෙරටින් වාර්තා වූ හයවැනි මරණයයි. මේ වනවිට විදෙස් රටවල දී ද ශ්‍රී ලාංකිකයන් 08 දෙනකු මියගොස් ඇති බව වාර්තා වෙයි. ඒ ඇතැම් පුද්ගලයන් විදෙස් රටවල පුරවැසි භාවය හිමිව සිටි අයයි.  


RECOMMEND POSTS