සෞදි වෛද්‍යවරු අන්තර්ජාලයෙන් බෙහෙත් කියති



සෞදි වෛද්‍යවරුන්ට අන්තර්ජාලය හරහා බෙහෙත් නියම කළ හැකි බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.  

සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වාදී ඇති “Anaat’’ නැමති මෘදුකාංගය භාවිතා කරන ලෙස වෛද්‍යවරුන්ට සහ මහජනතාවට සෞඛ්‍ය අමාත්‍ය, ටව්ෆික් අල්-රබියා දැනුම් දෙයි.

අදාල මෘදුකාංගය හරහා ළඟම ඇති ඖෂධ වෙළෙඳ සැළකින් වෛද්‍යවරන් නියම කරන ඖෂධ පහසුවෙන් ලබා ගැනීමට පහසුකම් සළසා ඇත. කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා නව ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

එමගින් වෛද්‍යවරුන්ට රෝගීන් සමඟ අන්තර් සම්බන්ධතාවයන් වර්ධනය කරගැනීමට සහ අත්දැකීම් හුවමාරු කරගැනීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සෞදිගැසට්, රියාද් නුවර)


RECOMMEND POSTS