සෞදි වැසියන් යළි කැඳවයි



විදේශගත තම රටවැසියන් සියලු දෙනා ගෙන්වා ගැනීමට කටයුතු කරන බව සෞදි අරාබිය නිවේදනය කර තිබේ.

මේ අනුව වෙනත් රටවල ජීවත්වන සෞදි ජාතිකයන් යළි ගෙන්වා ගැනීම සඳහා ඒ ඒ රටවල රජයන් සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ද සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

සල්මාන් රජුගේ සහ ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නියෝගයන්ට අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

සෞදි පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගුවන් තොටුපල පර්යන්ත සූදානම් කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති හා ප්‍රවාහන අමාත්‍ය, සාලේ අල්-ජසීර් පැවසීය.

සෞදි අරාබියට පැමිණීමට අපේක්‍ෂා කරන සෞදි ජාතිකයන් පිළිගැනීම සඳහා  උපරිම ආකාරයෙන් කටයුතු කරන බව අල්- ජසීර් වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)  


RECOMMEND POSTS