සෞදි ලක්ෂ දෙකක් අවදානමේ



සෞදි අරාබියේ 10,000ත් 200,000 ත් අතර පිරිසකට කොරෝනා ආසාදනය විමේ අවධානමක් පවතින බව සෞදි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

එම අවධානම් තත්ත්වයෙන් මිදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස් පිළිපදින ලෙස අමාත්‍යවරායා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මිලියන 30 ක පමණ වු සමස්ථ ජනගහනයෙන් මේ වන විට කොරෝනා රෝගීන් 2,795 ක් සහ මරණ 41 ක් වාර්තා වී තිබේ.

ආරක්ෂිත පියවරයන් ලෙස, සියළු මගී ගුවන් ගමන් නවතා දැමීම, වාණිජ කටයුතු අත්හිටුවීමට, රියාද් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල පැය 24 පුරා ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර ඇත.

ඉදිරි සති කිහිපය තුළ රෝගීන් සංඛ්‍යාව 10,000 ත් 200,000 ත් අතර විය හැකි බවට බෝවන රෝග විශේෂඥයින් විසින් කරන ලද අධ්‍යයන හතරක් පෙන්වා දී ඇත.

ජනක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS