සෞදියේ අලුත් රෝගීන් 110ක්



සෞදි අරාබිය කොරෝනා ආසාදිතයන් 110ක් අලුතින් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,563 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා හේතුවෙන් මදීනා නුවර දෙදෙනකු ජිවිතක්ෂයට පත් වී ඇති අතර සෞදි අරාබියේ සමස්ථ මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයන් දෙදෙනෙක් වෙනත් රටවලින් ආපසු සෞදි අරාබියට පැමිණි පුද්ගලයින් බවත්, ඔවුන් පැමිණි විගසම ආරක්ෂිත ක්‍රියාමාර්ග ගත් බවත්, ඉතිරි 108 දෙනා කොරෝනා ආසාදිතයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති වාර්තා වේ.

වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇත්තේ රියාද් (33) වන අතර, ජෙඩා (29), මක්ක (20), කටීෆ් (7), අල්කොබාර් (4), මදීනා (3), දම්මාම් (3), හොෆුෆ් (2), ජසාන් (2) සහ ධහරන් (2). වේ. සෞදි අරාබියේ කොරෝනා ආසාදිතයන්ට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට රජු ගත් තීරණය ගෝලීය ප්‍රශංසාව ලබා ඇති  බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය මොහොමඩ් අල්-අබ්ද් අල්-අලි ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්, රෝගීන් 31 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්,  සුවය ලැබු සංඛ්‍යාව 165 වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සෞදි අරාබිය නිරෝධායනය කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 22,000ක් පමණ වෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS