සම්ප්‍රදායික වසන්ත උත්සවය ඉරානයට අහිමියි



නොව්රූස් ලෙස හඳුන්වන පර්සියානු අලුත් අවුරුද්ද යනු ඉරානයේ සියලු දෙනා එකට එකතු වන කාලයකි. වසන්ත සමයේ ආරම්භ වන අළුත් අවුරුද්දේදී පවුලේ අය, මිතුරන් සහ ආගන්තුකයන් සමඟ ඉරාන වැසියෝ සති දෙකක කාලයක් චාරිත්‍ර වාරිත්‍රවලට සහභාගී වෙති. කවි කියමින් ආදරණීයයන් එකිනෙකා සමඟ නර්තනයට සම්බන්ධ වේ.

අසනීප වළක්වා ගැනීම සඳහා ගිනි ගොඩක් මතින් පැනීම සිදු කරයි. නිවාස පිරිසිදු කර ඇත, සියලු දේ සංකේතාත්මකව නැවත සකස් කර ඇත. එය වසන්තය සනිටුහන් කිරීම සහ නැවත ඉපදීම සැමරීමේ චාරිත්‍ර මාලාවක කොටසකි. 

මේ වසරේ COVID-19 මෙම සම්ප්‍රදායන් සියල්ල වෙනස් කර ඇත. වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,200 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සනාථ කරන හෙයින් ඉරානය අර්ධ වශයෙන් අගුලු දමා ඇත. ඉරාන වැසියන් නිවසේ රැඳී සිටීමට නියෝග කර ඇත.

සීඑන්එන් පුවත් සේවය ටෙහෙරානයේ විශ්ව විද්‍යාල සිසුවෙකු වන කවේ සමඟ කතා කළේය. ඔහු නව්රුස්ගේ වාර්ගික සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට ප්‍රදේශවාසීන් උත්සාහ කරන ආකාරය විස්තර කරයි.

'කවේ' යනු ඔහුගේ ආරක්ෂාව සඳහා භාවිතා කිරීමට සීඑන්එන් එකඟ වූ අන්වර්ථ නාමයකි.

මේ දිනවල ටෙහෙරානයේ ස්වභාවය කෙබඳුද?

''මේවා ඉතා දුෂ්කර කාලයක්. සන්සුන් ස්වභාවයක් තිබෙනවා. මෙය වසරේ ප්‍රීතිමත්ම කාලයන්ගෙන් එකක් විය යුතු නිසා එය සන්සුන් . මිනිසුන් එකට එකතු වී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් බැලීමට යන විට මෙය වසරේ කාර්යබහුලම අවස්ථාව ලෙස සැලකෙනවා. නූව්රුස් සම්ප්‍රදායන් බොහෝමයක් වීදිවල සිදු වෙනවා. ඊයේ රාත්‍රිය, එළඹෙන වසරේ යහපත් සෞඛ්‍යයක් බලාපොරොත්තුවෙන් මිනිසුන් ගිනි ගොඩක් මතින් පනින රාත්‍රිය. දැන් මෙම නව්රූස් සම්ප්‍රදායන් කොරෝනා වයිරසයට අනුව වෙනස් වෙමින් පවතිනවා. නිවාඩුව සඳහා පැමිණි බොහෝ අය ඊයේ රාත්‍රියේ ඔවුන්ගේ හමුවීම් සීමා කළා. ඔවුන් තම නිවෙස්වල හෝ නිවස පිටුපස ඉටිපන්දම් සකස් කර ඉටිපන්දම් උඩින් පැන්නා. එය විශාල සාද පැවැත්වීම වෙනුවට ඔවුන්ගේ පවුල් සමඟ පමණක් කළ දෙයක්."

නව්රුස් සම්බන්ධයෙන් ගත් කල, සම්ප්‍රදාය වන්නේ ඔබේ පවුලේ සෑම සාමාජිකයෙකුගේම නිවසට ගොස් ඔබට දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය ගැනීමයි. අද බොහෝ අය තම අසල්වැසියන්ට සුබ නව වසරක් පැතිම සඳරා බැනර් එල්ලා ඇත. සමහර විට බැනරයේ යටින් “අපි සියල්ලෝම නිවසේ සිටිමු.” ලෙස සඳහන් පාඨයක් සටහන් කර ඇත,

ඉරානයේ සන්සුන් වීමට එක් හේතුවක් නම්, පසුගිය වසර දෙක ඉතා දුෂ්කර ආර්ථික තත්වයක කාලයක් වීමයි, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2018 දී එක්සත් ජනපද-ඉරාන න්‍යෂ්ටික ගිවිසුම බිඳ දැමූ විට එක්සත් ජනපදය සම්බාධක පැනවීය. ඉන් පසු ඉරානය යළි ආර්ථිකය වර්ධනය වන තත්වයකට ගමන් කරමින් සිටියේය. ජනතාව අනාගතය ගැන ඉතා සුබවාදීව සිටි අතර, තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට හැඟීමක් ඇතිව තිබිණි කෙසේවුවද කොරෝනා වෛරසය හේතුවෙන් යළි ආර්ථික වර්ධනය කඩා වැටෙන තත්ත්යකට පත්වීම හේතුවෙන් සියලු අපේක්ෂාවන් බිඳ වැටී තිබේ.

මෙය කොරෝනා වයිරසයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි සොයා ගැනීමේ දුෂ්කරතාව වැඩි කරයි. එක් අතකින් ඒය පැතිරීම සීමා කිරීමේ උත්සාහයේ දී රජය විසින් පාසල්, විශ්ව විද්‍යාල සහ ප්‍රධාන ආයතන රාශියක් ඉතා ඉක්මනින් වසා දැමීමයි. නමුත් රැකියාවට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීම ඉතා අපහසු කරුණක් විය. ආදායම් මාර්ගයක් නොමැති හෙයින් දින කිහිපයක් හෝ සති කිහිපයක් රජය පිටතට යාම තහනම් කළහොත් මිනිසුන් තම නිවෙස්වල කුසගින්නේ සිටිනු ඇතැයි යන බියක් පවතී.

මේ සියලු දුක්ඛ දෝමනස්සයන් සමග නව්රූස් කාලය එළැඹ ඇත.

නව්රූස් සැමවිටම ප්‍රීතිමත් කාලයකි. එය එතරම් ප්‍රීතිවීමට එක් හේතුවක් වන්නේ මිනිසුන් පමණක් නොව පවුලේ අය පමණක් නොව අසල්වාසීන් ද එකට එකතු වීමයි. වීදි සැමරුම් බොහෝ විට එකිනෙකා නොදන්නා අය එකට එකතු කරයි. මිනිසුන් ගෙයින් ගෙට ගොස් රසකැවිලි ඉල්ලන සම්ප්‍රදායන් ඇත. මිනිසුන් රසකැවිලි ලබා දෙන අතර එය සැබවින්ම මිනිසුන් අතර බැඳීම් ඇති කරන කාලයකි. එබැවින් සමාජ දුරස්ථභාවය මිනිසුන්ට ඉතා අපහසු වන්නේ එය එකිනෙකා සමඟ සම්බන්ධ වීම වළක්වන බැවිනි.

දැන් දුරකථන හරහා ඔවුන් එකිනෙකාට කවි කියවනු ඇත. ඔවුන් ඔවුන්ගේ මිතුරන් සහ පවුලේ කවි හෝ වට්ටෝරු පවා යවනු ඇත. තාක්ෂණය උපයෝගී කරගනිමින් මිනිසුන් එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට උත්සාහ කරන ක්‍රම රාශියක් තිබේ.

ඔවුන් තම දරුවන් සමඟ නිවසේ ඉටිපන්දම් උඩින් පනියි. සති කිහිපයකින් දැක ගත නොහැකි වූ ඔවුන්ගේ ආච්චිලා සීයලා වෙත දරුවන් යවන්නේ ද නැත. ඔවුන් ආසාදනය වීමට ඇති බිය නිසා අසල්වාසීන් සමග දුර බැහැර සිට බැල්කනියේ සිට එකිනෙකාට සුබ පතමින් එකිනෙකාට සුබ නව්රූස් යැයි ප්‍රාර්ථනා කරන අතරම එකිනෙකාට අහම්බෙන් හෝ හානියක් නොවන පරිදි භෞතික දුරක් පවත්වා ගැනීමට උත්සාහ කරති.

එය ඉතා කණගාටුදායක නමුත් වඩාත් සිත් ඇදගන්නා සුළු වන්නේ මෙම වඩාත් දුෂ්කර අවස්ථාවන්හිදී පවා කොරෝනා වෛරසය නිසා ඇතිවී තිබෙන සම්බාධක සහ ආර්ථික දුෂ්කර තත්වය හේතුවෙන්  එකිනෙකා සමඟ සම්බන්ධ වීමට ක්‍රම සොයා ගැනීමට මිනිසුන් තවමත් උත්සාහ කිරීමයි.

වෛරසය පැතිරීමෙන් එකිනෙකා ආරක්ෂා කරගන්නා අතරම එකිනෙකාට බලාපොරොත්තුවක් ලබා දිය හැකි මාර්ග සොයා ගැනීමට ඔවුහු උත්සාහ කරති.

ඔවුන්ට වඩාත් නිහඬ නව වසරක් ලැබෙනු ඇත. නමුත් ඔබට පාරේ ගිනිකෙළි ඇසෙනු ඇත. මිනිසුන් ඔවුන්ගේ බැල්කනිවලින් සංගීතය වාදනය කිරීම ඔබට ඇසෙනු ඇත. මිනිසුන්ගේ තනි සැමරුම් ඔබට ඇසෙනු ඇත. නමුත් ඔවුන් හානිදායක නොවන භෞතික දුරක් තබාගෙන සාමූහික වීමට හැකි තරම් උත්සාහ ගනී. ඒ මෙම හුදකලා තත්වයන් යටතේ වුවද සාමූහික සහයෝගීතාවය පෙන්වීම ඔවුන්ගේ අපේක්ෂාව වී ඇති බැවිනි.

කොරෝනා වයිරසයෙන් මිනිසුන් මියයෑම හා අසනීප වීම පිළිබඳව නිරන්තරයෙන් අසන්නට ලැබීම ඉතා භයානක දෛයකි. විශේෂයෙන් යුරෝපය හෝ එක්සත් ජනපදය මෙන් නොව මාසයක් තිස්සේ ඔබ නිවසේ රැඳී සිටින විට සහ ඔබ ඔබේ දෛනික ජීවිතය නිවසේ ම ගත කරන විට සිදුවෙමින් පවතින විනාශය පිළිබඳ ඔබට ප්‍රධාන මතක් කිරීම වන්නේ දුරින් ඇසෙන සහ ඇතැම් විට ඔබ නිවස අසළින්ම ඇසෙන ගිලන්රථවල කෑගැසීමයි.

(පරිවර්ථනය සජීව විජේවීර)


RECOMMEND POSTS