විදෙස් රටවල දී ශ්‍රී ලාංකිකයන් 14ක් මිය ගිහින්



කොවිඩ් - 19 ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකිකයන් 09 දෙනකු බ්‍රිතාන්‍යයේ දී මියගොස් ඇතැයි එරට සෞඛ්‍ය අංශ තොරතුරු අනුව හෙළිවෙයි.

මෙසේ මියගිය අය අතර කොවිඩ් - 19 වසංගතය මර්ධනයට දායක වූ වෛද්‍යවරු දෙදෙනෙක් ද වෙති.

බ්‍රිතාන්‍යයේ දි මිය ගිය ශ්‍රී ලාංකිකයන්ගේ විස්තර

  1. හෙන්රි ජයවර්ධන - ඉංජිනේරුවෙකි. ලන්ඩන් නගරයේ සේවය කර ඇත.
  2. ලකී විජේරත්න (61) - ලන්ඩන් නගරයේ පදිංචිකරුවෙකි.
  3. සිදම්බරම් පිල්ලේ ප්‍රසාද් (75) - ආදායම් බදු නිලධාරියකු ලෙස සේවය කර ඇත.
  4. ලොකුලියන වඩුගේ සුදත් තිලකසිරි - නැගෙනහිර ලන්ඩනයේ පදිංචිය.
  5. අනුර ගාල්ලගේ (62) - උතුරු ලන්ඩනයේ පදිංචිකරුවෙකි
  6. ලලිත් චූල පෙරේරා (72) ලන්ඩනයේ ඇක්ටන් හි පදිංචිකරුවෙකි
  7. වෛද්‍ය ඇන්ටන් සෙබස්තියන් පිල්ලේ (75) - කිංග්ස්ටන් රෝහලේ විශ්‍රාමික වෛද්‍යවරයෙකි
  8. වෛද්‍ය ශිව නන්දන් (76) - විශ්‍රාමික වෛද්‍යවරයෙකි
  9. වයස අවුරුදු 80ක් වන පුද්ගලයෙක්. උතුරු එංගලන්තයේ වැඩිහිටි නිවාසයක දී කො‍විඩ් - 19 ආසාදනය වී මියගොස් ඇත.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත අනුව මේ වනවිට ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු කොවිඩ් - 19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ දී මියගිය ශ්‍රී ලාංකිකයන් නම දෙනාට අමතරව ඇමෙරිකාවේ දී දෙදෙනෙක්, ඉතාලියේ දී, ස්විට්සර්ලන්තියේ දී හා ඕස්ට්‍රේලියාවේ දී එක් අයකු බැගින් කොවිඩ් - 19 ආසාදනයෙන් මියගොස් ඇත. ඒ අනුව විදෙස් රවල දී මියගි ශ්‍රී ලාංකිකයන් ගණන 14කි.


RECOMMEND POSTS