රාජ්‍ය ආයතනවල මුදල් කපාහරී



ඕමානයේ රාජ්‍ය ආයතන සඳහා අයවැයෙන් වෙන්කර ඇතිමුදල් කපා හැර ඇතැයි වාර්තාවේ. මුදල් අමාත්‍යාංශය පවසන්නේ එලෙස කපා හැර ඇත්තේ 5% ක මුදලක් බවයි. රටට ඉදිරියේදී මුහුණපෑමට සිදුවන මූල්‍ය අභියෝග ජයගැනීම සඳහා මේ ක්‍රියාමාර්ගය ගෙන ඇත. රජය පවසන්නේ බෙරතෙල් මිල ගණන් අඩුවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවයි.

2020 සඳහා අනුමත සිවිල් කටයුතු සිදුකරන අමාත්‍යාංශවල පමණක් නොව හමුදා සහ ආරක්ෂක ආයතනවල ද අයවැයෙන් 5% අඩු කිරීමට සිදුව ඇත. ඒ ඒ අමාත්‍යාංශවලට අනුමත මුදල් ප්‍රමාණයෙන් කොතරම් මුදලක් අඩුකර ඇත්ද යන්න ඉදිරි දින කිහිපයේ දී ඒ ඒ අමාත්‍යාංශවලට දැනුම් දෙනු ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS