රථවාහන දඩවලට 50% වට්ටමක්



රථවාහන දඩ සඳහා සියයට 50 ක වට්ටමක් ලබාදෙන බව සාජා විධායක සභාව නිවේදනය කරයි.

2020 අප්‍රේල් 01 දින සිට මාස තුනක කාලයක් මෙලෙස වට්ටම් ලබාදෙන බව විධායක සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

මාර්තු 31දිනට පෙර සිදුකරන ලද වැරදි සඳහා එකතු කරන ලද දඩ මුදල් සඳහාද වට්ටම් හිමි වේ.

නව තීරණයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට කටයුතු කරන ලෙසත්, නියමිත කාල සීමාව තුළ දඩ මුදල් ගෙවන ලෙසත්, රථවාහන නීති රීතිවලට අනුකූලව කටයුතු කරන ලෙස රියදුරන්ගෙන් මේජර් ජෙනරාල් සයිෆ් අල්-සාරි අල්-ෂම්සි ඉල්ලා සිටියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

 


RECOMMEND POSTS