බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා



සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් කිසිදු භාණ්ඩ හෝ මූල්‍ය ආධාර එකතුකිරීමක් හෝ බෙදාහැරීමක් ආරම්භ කර නැතැයි එහි කම්කරු උපදේශක මාධව දේශප්‍රිය මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කිසියම් පිරිසක් තානාපති කාර්යාලයේ නම භාවිතා කරමින් තම කණ්ඩායම්වල සහ පුද්ගලයන්ගේ ප්‍රතිරූප ගොඩනගා ගැනීම සඳහා අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන බවයි.

'' අපි භාණ්ඩ සහ අරමුදල් එකතු කිරීමක් හෝ බෙදා හැරීමක් ආරම්භ කරලා නැහැ. එවැනි දෙයක් කරනවානම් කරන්නේ සෞදි රජයේ නීති රීති වලට අනුකූළව සෞදි රජයේ නිලධාරීන් සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ ද මැදහත්වීමෙන්. මේ වගේ ව්‍යාපෘති තානාපති කාර්යාලයෙන් කරගෙන යනවා කියා ඇති ප්‍රචාරවලට නොරැවටෙන්න කියා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. යම් ව්‍යාපෘතියක් අපි ආරම්භ කරනවානම් ඒ බව තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ සහ නිල සමාජ ජාලා පිටුවල ප්‍රදර්ශනය කරනවා. ඒ නිසා ව්‍යාජ ප්‍රචාරවලට රැවටෙන්න එපා." යැයි දේශප්‍රිය මහතා කියා සිටියේය.

තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය. වෙබ් අඩවිය http;//slemb.org.sa

ලලිත් ප්‍රේමලාල්

සෞදි අරාබියේ සිට.


RECOMMEND POSTS