පානදුරේ සිටි දහසක් ආපසු ‍යවති.



ඇදිරි නීතිය හේතුවෙන් සිය ගම්බිම් බලා යාමට නොහැකිව පානදුර පොලිස් කොට්ඨාසය තුළ රැදී සිටි පුද්ගලයන් 1000 කට අධික පිරිසක් ලංගම බස්‍ රථ මගින් පිටත් කර හැරීම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) බණ්ඩාරගම සතිපොළ භූමියේදී සිදුකෙරිණි.

බණ්ඩාරගම ,පානදුර උතුර ,පානදුර දකුණ ,වාද්දුව ,මොරොන්තුඩුව ,අගුරුවාතොට, හොරණ ,ඉංගිරිය ,මොරගහහේන හා මිල්ලෑව පොලිස් වසම් 10 තුළ, නේවාසිගාර  ,කර්මාන්තශාලාවල හා නිවෙස් වල රැදී සිටි පුද්ගලයන් මෙලෙස ආපසු යැවීම සිදු කෙරිණි 

එහිදි 1300කට අධික පිරිසක් ගම් බිම් බලා යාම සදහා පොලිස් වසම් 10 යේ ලියාපදිංචිව සිටි අතර එයින් ඇතැම් දෙනා නැවත කර්මාන්තශාලා ආරම්භ කිරීම හේතුවෙන් රැකියා සදහා යොමු වී සිටි බව පොලිසිය කියයි .


RECOMMEND POSTS