නවසීලන්තයේ සිටින සිසුන් ගෙන්වීමට සැළසුම්



නවසීලන්තයේ සිටින ඕමාන සිසුන් ආපසු ගෙන්වා ගැනීමට ඕමාන් රජය කටයුතු කරමින් සිටියි.

නවසීලන්තයේ සිට ඕමානය බලා යෑමට අපේක්ෂා කරන සිසුන් රැගෙනයෑම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික ක්‍රියාවලිය අවසන් වෙමින් පවතින බව ඕස්ට්‍රේලියාවේ ඕමාන් කොන්සල් ජනරාල්වරයා පැවසීය.

ගුවන් ගමන් ප්‍රමාද වීමට හේතුව වී ඇත්තේ අතිරේක ගුවන් ගමන් සඳහා නවසීලන්ත රජයේ අනුමැතිය ලබා ගැනීම ප්‍රමාද වීම බවත්, කටාර් ගුවන් සේවයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමෙන් පසු, ඕක්ලන්ඩ් නුවර සිට පිටත්ව යන ගුවන් යානය පිළිබඳ තොරතුරු සෑම කෙනෙකුටම ලබා දෙන බව ඕමාන් කොන්සල් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS