තමන් සිටින තැනම සුරක්ෂිතව ඉන්න



සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තමන් සිටින ස්ථානවලම ආරක්ෂිතව රැඳී සිටින ලෙස රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙයි.

සෞදි අරාබියේ වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයන් යළි සිය රට බලා යාමට ඉල්ලීම් ඉදිරිපත් කරන නමුත් ගෝලීය වසංගත තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා රජය මෙන්ම අනිකුත් රටවල් ද ගුවන් ගමන් සීමා කර තිබීමත් ශ්‍රී ලංකාවට කිසිවෙකුට ඇතුළුවීම තහනම් කර තිබීමත් හේතුවෙන් එලෙස ආපසු යාමට නොහැකි බව ද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

එම කාර්යාලයේ කම්කරු උපදේශක මාධව දේශප්‍රිය මහතා පවසන්නේ වසංගත තත්ත්වය පාලනය වනතුරු සෞදි අරාබියේ සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරමින් තමන් සිටින ස්ථානලම සුරක්ෂිතව ඉවසීමන් රැඳී සිටීමට සියලු දෙනාට සිදුවන බවයි.

ලලිත් ප්‍රේමලාල්

සෞදි අරාබියේ සිට.


RECOMMEND POSTS