කොරෝනා වෛරසයට එරෙහිව ඉදිවන රෝහල්



ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ජකර්තා හි කමෙයෝරන් මළල ක්‍රීඩා ගම්මානයේ ඉදිකරමින් තිබෙන රෝහල නිරීක්ෂණය කළ ආකාරය.

මෙම ගිලන්රථ ඇතුළුවෙමින් පවතින්නේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන තාවකාලික රෝහලක් බවට පත්කර ඇති ස්ප්ලෙන්ඩිඩ් නමැති නෞකාව තුළටය. එය ඉතාලියේ ජොනෝවා වරායේ නවතා ඇත.

 ස්වීඩනයේ ගොතන්බර්ග් හි ඔස්ට්‍රා සු‍ජුසෙට් රෝහල් පරිශ්‍රය තුළ තවත් ක්ෂේත්‍ර රෝහලක් සකස් කරන ආකාරය

ස්වීඩනයේ ගොතන්බර්ග් හි ෂල්ග්‍රෙන්ස්කා විශ්වවිද්‍යාල රෝහලේ කොටසක් වන ඔස්ට්‍රා ෂුකුසෙට් රෝහල් පරිශ්‍රයේ හමුදා නිලධාරීන් විසින් නව රෝහලක් ඉදිකරයි

ක්‍රොඒෂියාවේ සාග්‍රෙබ් ඩුබ්රාවා තාවකාලික කූඩාරම් යොදා ඉදිකළ රෝහල අසළ මුහුණු ආවරණයක් දමාගත් හමුදා භටයෙක් සිටින අයුරු

හමුදා මධ්‍යස්ථානයක සම්මන්ත්‍රණ ශාලාවක් කොරෝනා රෝගීන් සඳහා රෝහලක් ලෙස සකස් කර ඇති ආකාරය

රුසියාවේ මොස්කව් නගරය ආසන්නයේ නව රෝහලක් ඉදිකරන ආකාරය

නාවික හමුදාව සතු රෝහල් නෞකාවක් වන යූඑස්එන්එස් මර්සි කැලිෆෝර්නියාවේ සැන්ඩියාගෝ හි වෛද්‍ය පහසුකම් සැළසීමසඳහා යන ආකාරය

ප්‍රංශ සොල්දාදුවන් මෝල් හවුස් හි එමිල් මුලර් රෝහලට පිටතින් පිහිටුවා ඇති හමුදා ක්ෂේත්‍ර රෝහලේ දී

සර්බියානු හමුදාව බෙල්ග්‍රේඩ් හි ප්‍රදර්ශන ශාලාවක් ඇඳන් යොදා රෝගීන් සඳහා රෝහලක් ලෙස සකසා ඇති ආකාරය

වොෂිංටනයේ වෙරළ ආසනනයේ පිහිටි පාපන්දු පිටියක ඇඳන් 200කින් යුතු තාවකාලික රෝහලක්  සකසන ආකාරය

පෝලන්තයේ චෙස්ටොචෝවා හි තාවකාලික රෝහලක් ඉදිරිපිට ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන සිටින වෛද්‍යවරයෙක් කූඩාරමෙන් පිටත සිටින අයුරු

ජර්මනියේ ලේයර් හි රෝහල් කම්කරුවන් පිරිසක් විසින් රෝගී සත්කාරක මධ්‍යස්ථානයක් ඉදිකරන අයුරු

ක්‍රොඒෂියානු හමුදාවේ සෙබළු රෝහලක් ඉදිරිපිට කූඩාරම් සකසා ඇති ආකාරය

බ්‍රසීලයේ සාඕ පවුලෝ හි පැකෙම්බු ක්‍රීඩාංගනයේ තාවකාලික රෝහලක් ඉදිකරන ආකාරය

පෝලන්තයේ ඉදිකරන තාවකාලික රෝහලක් ඉදිරිපිට සිටින වෛද්‍ය විශේෂඥයෙක්

ප්‍රංශ සොල්දාදුවන් විසින් ප්‍රංශයේ තාවකාලික රෝහලක් ඉදිකරන ආකාරය

නිව්යෝර්ක් නගරයේ හදිසි කළමනාකරණ ගබඩාව ද රෝහලක් බවට පත්වෙමින්

ඉන්දුනීසියාවේ ජකර්තා හි කෙමෙයොරන් මළල ක්‍රීඩා ගම්මානයේ කොරෝනා වෛරස් රෝගීන් සඳහා හදිසි රෝහලක් ඉදිකරන ආකාරය

ආරක්ෂිත ඒකකයක සිටින වෛද්‍යවරයෙක් පෝලන්තයේ ලුබ්ලින්හි රෝහලක් අසළ සැකසූ විශේෂ කූඩාරමක රෝගීන් එනතුරු බලා සිටින ආකාරය

සර්බියානු හමුදාව බෙල්ග්‍රේඩ් හි ප්‍රදර්ශන ශාලාවක් ඇඳන් යොදා රෝහලක් බවට පත්කරන ආකාරය

නිව්යෝර්ක් නගරයේ මෑන්හැටන් හි සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් රෝහලක් බවට පත්කරයි


RECOMMEND POSTS