ඕමානයේ පළාතක් ම හුදකලා කරයි



ඕමානයේ පළාතක්ම හුදකලා කරයි

ඕමානයේ මුට්‍රා පළාතම හුදකලා කර තැබීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ආරක්ෂිත පියවරක් ලෙස අදාල ක්‍රියාමාර්ගය ගෙන ඇත.

ඕමාන් රාජකීය පොලිසිය සහ සන්නද්ධ හමුදාව මුරපොලවල් පිහිටුවා ඇති අතර, ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කිරීම සඳහා නැවත දැනුම් දෙන තුරු මුළු පළාතම හුදකලා කර තබ බව රජය පවසයි.

මුට්‍රා (රුවි, හම්රියා, අල්-වාඩි අල්-කබීර් සහ විලයාත් දර්ශයිට් නගරයේ කොටස්) වෙත පිවිසෙන මාර්ග වසා දමා ඇති බව රාජකීය පොලීසිය පැවසීය.

ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ මූලික වෛද්‍ය සේවාවන් සපයනු ලබයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)  


RECOMMEND POSTS