ඕමානයේ ආසාදිතයන් 419ක්



කොවිඩ් - 19 වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 48 දෙනකු අලුතෙන් සොයාගැනීමත් සමග එරට ආසාදිතයන් සංඛ්‍යාව 419 දක්වා ඉහළ ගියේය. රෝගින් දෙදෙනකු මියගොස් ඇත. 

නිරෝධායන පියවර අනුගමනය කරමින් හුදකලා කාමරවල රැඳී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. අත්‍යාවශ්‍ය කාරණයකට පමණක් නිවසෙන් බැහැරව යන ලෙස කොරෝනා වෛරසය තුරන් කිරීම සඳහා පිහිටුවා ඇති කමිටුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටීයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS