එමිරේටස් සති ‌‌දෙකක දැඩි නියාමනයක



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මහජනයා රැස්වන රජයේ සහ පෞද්ගලික ස්ථාන වසා දැමීමට නියෝග රජය නියෝග කර තිබේ.  

කොරෝනා වෛරස පැතිරීම වැළැක්වීමේ ආරක්ෂිත පියවරක් ලෙස, වෙරළ, උද්‍යාන, පිහිනුම් තටාක, සිනමාහල්, ක්‍රීඩා ශාලා සහ විවේකාගාර සති දෙකක කාලයක් වසා තබන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය නියෝග මෙම නියෝගය නිකුත්කර තිබේ.  

එම කාලය තුළ දී අත්‍යාවශ්‍ය වෙළඳසැල්  වන ඔසුසැල්, ආහාර වෙළඳසැල්, සිල්ලර බඩු වෙළඳසැල් සහ මාළු, මස් සහ එළවළු අලෙවි කරන සුපිරි වෙළඳසැල් විවෘත කර තැබීමට ද ඒවා දැඩි ‌ෙසේ නියාමනය කිරීමට ද රජය කටයුතු කර තිබේ.

(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS