ඉතාලි වෛද්‍යවරු 94 දෙනකුගේ දිවි තොර වෙති



කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ වෛද්‍යවරුන් 94 දෙනකු මියගොස් ඇතැයි එරට වෛද්‍යවරුන්ගේ සංගමය අද (7) ප්‍රකාශ කළේය.

‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් හෙදියන් 26 දෙනකු මියගොස් ඇතැයි ද ඉතාලියේ හෙද සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. 

එමෙන්ම හෙදියන් 6,549 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි ද එම සම්මේලනය සඳහන් කළේය.
සඳුඳා වනවිට ඉතාලියේ ‘සුවසේවා’ සේවකයන් 12,681 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි ද ඉතාලියේ සෞඛ්‍ය ආයතනය සඳහන් කළේය.

මුඛ ආවරණ, අත්වැසුම්, පෞද්ගලික ආරක්ෂණ උපකරණ, ආරක්ෂිත ඇඳුම් කට්ටල යනාදී වෛද්‍ය සැපයුම්වල හිඟය වෛද්‍යවරුන්ට, හෙදියන්ට, සෞඛ්‍ය වෘත්තිකයන්ට, රෝහල් කාර්යමණ්ඩලවල වයිරසය ආසාදනය වීමට ප්‍රධාන හේතුව යැයි ද සෞඛ්‍ය බලධාරීහු කීහ.


RECOMMEND POSTS